Posts Tagged ‘Education’
අධ්‍යාපන කප්පාදුව හා රාජ්‍ය පවත්වාගෙන යාම – 2
අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා විරැකියාව අතර පැහැදිලි සම්බන්ධතාවයක් අපි පසුගිය සටහනේදී ගොඩනගා ගත්තෙමු. විරැකියාව රටක රාජ්‍යය පවත්වාගෙන යාමට අහිතකර බව අප සාමාන්‍යයෙන් විශ්වාස කරමු. විරැකියාව හමුවේ මිනිසුන් කලබල වන බවත් එය රජයේ ඡන්ද ප්‍රමාණයට බලපාන බවත් සාමාන්‍ය මතයයි.
රටක හමුදාව යනු එම රටේ රාජ්‍යය ආරක්ෂා කිරීමට ඇති යාන්ත්‍රණයයි. එය ඇත්තේ වැසියන් ආරක්ෂා කිරීමට නොව පවතින රාජ්‍යයට එල්ලවන මොනයම් හෝ බලපෑමකට මිලිටරිමය වශයෙන් මුහුණ දීමටය. මෙම රාජ්‍යය ආරක්ෂා කරන ක්‍රියාවලියේදී බොහෝ වේලාවලදී හමුදාවේ අවි එල්ල වන්නේ එම රටේම වැසියන්ටය. මෑත කාල වලදී සිදු වූ නොයෙකුත් කැරලි ඉතාමත් තදින් මර්ධනය කිරීම සිදු වූයේ මිලිටරිමය ලෙස හමුදාව අතිනි. අප සැමදා පවසන ආකාරයට මිලිටරිමය මර්ධනයක් කිසිම දිනක එම නැගිටීමේ මූලය විනාශ නොකරන අතර මූලය අළු යට ගිනි මෙන් සැඟව පවතී. නිසි කල් එළඹුණු පසුව නැවත ගිනි සිළුවක් ඇති වන්නේ කාලාන්තරයක් තිස්සේ සමාජය තුල පවතින මෙම ගිනි පුපුරු තුළින්ය.
හමුදාව සමන්විත වන්නේ දේශප්‍රේමීන්ගෙන් (මෙකල ඇවිදින බකමූණන් බවට පත්ව ඇති ජෝකර්වරුන් නොව දේශයට ආලයක් ඇති වුන්) බවට යමෙකු තර්ක කල හැක. නමුත් අප පවසන්නේ ඔවුන්ට හමුදාවේ සාමාන්‍ය සෙබල සිට නිල කිහිපයක් ඉහළ යන තෙක් සිටින්නන්ගේ ආර්ථික තත්වය පරීක්ෂා කර බලන ලෙසයි. ඔවුන්ගෙ තර්කය නිවැරදි නම් රටේ යම් පමණකටවත් ආර්ථික තත්වයක් ඇති වුන් හට දේශප්‍රේමයක් නොමැත. නමුත් සත්‍යයනම් හමුදාවේ දිවි පිදීමට එන්නේ “හරි හමන්” රැකියාවක් නොමැති වූ විට බවයි. පසුගිය කාලයේදී රාජ්‍ය මාධ්‍ය හා ඊමේල් මගින් සංසරණය කරවා ප්‍රසිද්ධ කරවු මිය ගිය හමුදා භටයින් බහුතරයකගේ නිවෙස් දැනටත් කුලී නිවෙස්ය. යූටියුබ්, බ්ලොග් අඩවි තුළ මොවුන්ට දෙවියන් මෙන් සැලකූ කිසිවෙකු මොවුන්ගේ පවුලක දුක සැප විමසීමට ගොස් ඇත්දැයි සැක ඇති වේ. කියවන්නා මැනවින් අවබෝධ කර ගත යුත්තේ හමුදාවන් තුල සිටින සෑම අයෙකුම එහි සිටින්නේ ආර්ථිකමය හේතු නිසා යන්න මෙයින් පැවසෙන්නේ නැති බවයි. අප කියා සිටින්නේ හමුදාවේ බහුතරය රට වෙනුවෙන් දිවි පිදීමට සූදානම් නැති බවයි.
කරුණ කෙසේ වෙතත් නිසි රැකියාවක් ලැබීමට සුදුසු අයෙකු හමුදාවන්ට ඇතුළු වීම විරල අවස්ථාවකි. ඇතුළු වුවත් එසේ ඇතුළු වන්නේ ඉහළ නිළ තල සඳහාය. මේ කරුණත් අප කලින් සටහනින් මතු කල කරුණුත් එකතු වන්නේ කුමටද?
රටක අධ්‍යාපනය වඩාත් යහපත් වූ විට හමුදාවන් හි රැකියා සඳහා පැමිණෙන තරුණ තරුණියන් ප්‍රමාණය අඩුවේ. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පාලනයක් සහිතව රජය පවත්වාගෙන යන්නේ එම නිසාය. වැඩි ගුණාත්මක භාවය රටේ ජනතාව බුද්ධිමතුන් බවට පත්කරන අතර එමගින් රාජ්‍ය කටයුතු ප්‍රශ්න කිරීමද ඉහළ යයි. ජනතාව මෝඩයින් කර තබා ගත් තරමටම ප්‍රශ්න කිරීම් අවම වන අතර එවැනි ප්‍රශ්න කරන්නන්ව පිළිකෙව් කිරීමද ජනතාව ලවාම කර ගත හැක. ජාතිවාදය, ගෝත්‍ර ගති පැවතුම් ආදී මෙරට දැන් විද්‍යාමාන වන සියළු අවලක්ෂණයක්ම මෙම චේතාන්විතව සිදු කර ඇති මෝඩ කමේ ප්‍රථිපලයි. මහින්ද රජයේ බර දරා ඇති එක බල කණුවක් වන්නේ ජාති වාදයයි. ජාතිවාදය නැති වී සියළු ජාතීන් අනෙකුන් ගැන සිතන්නට පටන් ගත් දිනට මහින්ද අළුත් සින්දුවක් සොයා ගත යුතුය.
70 දශකයේ සිට මෙරට දැඩි අධ්‍යාපන කප්පාදුවක් සිදුවන අතර ජනතාව එයට අසංවේදීව ඔහේ බලා සිටිති. මෙය එක් පක්ෂයක හෝ රජයක සැලසුමක් නොව සිරිමාවෝ, ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා හරහා දැන් මහින්ද සිදු කරමින් යන පොදුවේ පාලක පන්තිය ආරක්ෂා කර ගැනීමේ දීර්ඝ කාලීන සැලැස්මේ එක් කොටසකි. Without a well informed society democracy sieze to exist යනුවෙන් පැවසී ඇත. දැන් පවතින සමාජය ඇත්තේ well-informed යන තත්වයටත් ඉතා පහළය. ඒ කියා දෙනු ලබන දේ හෝ තේරුම් ගැනීමට ඇති හැකියාවක් නොමැති තත්වයකි.
අධ්‍යාපන කප්පාදුව හා රාජ්‍ය පවත්වාගෙන යාම
ශ්‍රී ලංකාව සාක්ෂරතාවය අතින් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ඇතැයි යන්න සාමාන්‍යයෙන් අප නැවත නැවත පාරම්බාන පුරාජේරුවකි. සංඛ්‍යාලේඛන වලට අනුව එම මට්ටම ජනගහනයෙන් 92%ක පමණ ස්ථානයක පවතී. දකුණු ආසියාවේ සාක්ෂරතාවයෙන් ඉහළම ස්ථානය අප ලබා ගන්නා අතර ආසියාවේද ලැයිස්තුවේ ඉහළම රටවල් කිහිපයට අයත් වේ. ඉතින් එම පද්ධතියට එරෙහිව ලිපියක් ආරම්භ කරන්නේ කුමටද? එක් අතකින් මෙම ලිපිය පද්ධතිය පෙරළා දැමීමකට වඩා පවතින පද්ධතියම යහපත් කිරීමට ඉවහල් විය හැක.
“අපිට බය වෙන්න දෙයක් නෑ, අපි උගත්!” කියමින් සැප පුටුවේ හාන්සි වීමට පෙර සිතා බැලිය යුතු එක් කරුණක් වේ. ඒ මෙම සාක්ෂරතාවය අර්ථ දක්වන ආකාරය පිළිබඳවයි. සාමාන්‍යයෙන් එය යම් කිසි වයස් සීමාවකදී ලිවීමට හා කියවීමට ඇති හැකියාව ලෙස ගෙන දක්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ මෙම වයස් සීමාව අවුරුදු 15 ලෙස ගනු ලැබේ. මෙය මෑතකදී දුටු මූලාශ්‍රයකින් ගත් අර්ථ දැක්වීමක් වන අතර ඉන්පසු මෙම වයස් සීමාව වෙනසකට භාජනය වූවා ද යන්න දැනට නොදන්නා කරුණකි. එම නිසා අපි මෙම අර්ථ දැක්වීම ගෙන එතැනින් ආරම්භ කරමු.
ලිවීමේ කියවීමේ හැකියාව අතින් අප සතුටුදායක තත්වයක සිටින බවට වාදයක් නැත. නිදහස් අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරමින් ඉතාමත් පිටිසර ගමට පවා රජයේ පාසැලක්, එක් අසතුටුදායක ගුරුවරයෙක්/ගුරුවරියක් පමණක් සිටියත්, ලබා දී ඇති නිසා කියවීමට නොදන්නා පරපුරක් පිළිබඳඅප බිය විය යුතු නැත. නමුත් ජීවත් වීමට මුදල් අවශ්‍යව ඇති අර්ථ ක්‍රමයක සෑම පුද්ගලයෙකුටම රැකියාවක නිරත වීම අනිවාර්‍ය වේ. අප ලබන ප්‍රාථමික අධ්‍යාපනයත්, ද්වීතීයක අධ්‍යාපනයත් රැකියා ඉලක්ක කරමින්, රැකියා කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රධාන වශයෙන් කැපවිය යුතුය. තෘතීයික අධ්‍යාපනය රටක දැනුම් සම්භාරය වර්ධනය කිරීම සඳහා කැපවිය යුතු අතර දැනුම අළුතින් නිපදවීම එහි ප්‍රධාන අරමුණ විය යුතුය.
දැන් ඔබ දන්නා සාක්ෂරතාවයෙන් තෘතීයික අධ්‍යාපයකින් තොරව (අවුරුදු 15 දී තෘතීයික අධ්‍යාපනයක් ලැබීම විරලව සිදු වන්නකි) සාමාන්‍ය සැප පහසුකම් සහිතව පවුලක් නඩත්තු කර ගැනීමට සුදුසු වේතනයක් ලැබෙන රැකියාවක් ලබා ගත හැකිද?
මෙහිදී යමෙකුට තෝරා ගැනීමට විකල්ප දෙකක් ඇත.
- උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම
- පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ වෙනත් මාර්ග වලින් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම
රජයේ විශ්ව විද්‍යාල වලින් ඉතා අඩු මුදලකින් හෝ මුදල් ගෙවීමකින් තොරව සැලකිය යුතු ප්‍රමාණයක උසස් අධ්‍යාපනයක් ලබා ගත හැකිය. නමුත් රජය ඉදිරිපත් කරන හා නොකරන නොයෙකුත් හේතු නිසා රජයේ විශ්ව විද්‍යාලවලට ඔවුන් අර්ථ දක්වා ඇති පරාමිතීන් සම්පූර්ණ කල සිසුන්ට පවා ඇතුළු වීම මහත් තරඟයක් වී ඇත. සමස්ථ වශයෙන් සුදුසුකම් සපුරාලූ සිසුන්ගෙන් උඩින්ම සිටිනා 12%ක ප්‍රමාණයක් පමණක් සරසවියට ඇතුළු වන අතර අනෙකුත සිසුන්ට සුදුසුකම් තිබියදීත් වෙනත් විකල්ප කරා යොමු වීමට සිදු වී ඇත.මෙම වෙනත් විකල්ප ඉතාමත් මිල අධික වන අතර 22%ක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන රටක එවැනි විකල්ප තෝරා ගැනීමට ඇති ශක්‍යතාවය පිළිබඳ බලවත් සැක පහළ වේ.
ඉහත සියළු දේ එක්තැන් වන විට රටක් තුල ඇති විරැකියාව එහි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අනුව විචල්‍ය වන බව පැහැදිලි වේ. පවතින අර්ථ දැක්වීම් වලට අනුව වටිනා රැකියාවක් සොයා ගැනීමට උසස් අධ්‍යාපනය අත්‍යවශ්‍ය වේ. ඒ එහි ගුණාත්මක භාවයක් නිසා නොව ඉන් පහළ අධ්‍යාපනයක් සේවා යෝජකයින් පිළිගැනීමට සූදානම් නොමැති නිසා වේ. අනතුරුව උසස් අධ්‍යාපනයේ ප්‍රධාන කාර්‍ය වන දැනුම නිපදවීම අඩු ප්‍රමුඛතාවයකට වැටී දැනුම නැවත බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට පමණක් එය ශූන්‍ය වේ.
අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අප රට තුළ මෙතරම් අඩු මට්ටමක ඇත්තේ ඇයි?