Posts Tagged ‘terrorism’
පීඩනෝන්මාතිත රාජ්‍යය

මහරජුටත් යුවරජුටත් එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික රජාණ්ඩුවේ අලව්ව නින්ද ගමින් මානවයෙකු රාජ පු(හ්)රුෂයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සම්පූර්ණයෙන් රජ අණින් පිටත සිටින අධිකරණය විසින් අහවල් එකාගේ නීතිය යටතේ මොහු රිමාන්ඩ් භාරයට පත්කොට ඇත.
තමන්ට විරුද්ධ වචනයක් හෝ පිටවන විට සරම තෙමා ගන්නා රජයක් කෙතරම් බිය වී ඇත් ද?
තමන් රටේ රජු නොව භාරකාරයා යැයි රැවුල අඹරමින් ආඩම්බරයෙන් දෙසා බාන ජනාධිපතිවරයෙකුට බිය වීමට ඇත්තේ කුමක් නිසා ද?
විරුද්ධ පක්ෂ වලට දුවන්නට දෙන මන්ත්‍රී පිරිසක් සිටින විට ජනතාවට මෙතරම් බිය වීමට වුවමනා ද?
මුග්ධ ජනතාවකට නොතේරුනාට පාලක පිරිසට මැනවින් තේරුම් යන පොදු ජන විරෝධය මෙතරම් බලවත් ද?
සමහර විට මෙය සුභ ලකුණක් විය හැකිය. මෙතෙක් කල් රජයට බිය වූ ජනතාවක් වෙනුවට ජනතාවට බිය වෙන රජයක් ඇති වෙමින් පවතිනවා විය හැකිය.