සිස්ටම් එක අපිටද?

අත්‍යවශ්‍ය ප්‍රතිරෝධය

වැඩිහිටි තොත්ත බබාලා හෙවත් අදේශපාලනික ගන්ධබ්බයින්

with 10 comments

අනේ අපි වගේ අහිංසක අයට දේශපාලනය හොඳ නැහැ. දේශපාලනය හලී නෝටි.

බ්ලොග්කරණය ලංකාව තුල පැතිරුණු කාලයේ පටන් අපි විවිධ බ්ලොග් කියවීමට ආසාවක් දැක්වූවෙමු. සාම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ ගලා එන ඒක පාර්ශවික සන්නිවේදනයෙන් එහාට යා යුතු කාලය පැමිණ ඇතැයි අපට ඒ වන විට වැටහී තිබුනි. අවුරුද්දකටත් වැඩි ප්‍රමාණයක් බ්ලොග් කියවමින් ප්‍රතිචාර දක්වමින් ගත කල පසු බ්ලොග්කරණය සන්නිවේදන මාධ්‍යයක් ලෙස සාර්ථක වන බව වැටහී ගිය හෙයින් අපගේ සිතුම් පැතුම් එලි දැක්වීමට මෙලෙස බ්ලොග් අඩවියක් ආරම්භ කෙරුවෙමු.

අන්තර්ජාලය ස්වාභාවයෙන්ම රස්තියාදුකාර තැනකි. එහි නීති සීමා පැනවිය නොහැක. අන්තර්ජාලය වර්ධනය වන්නේද මෙම රස්තියාදුකාර හිපි සංස්කෘතිය හේතුවෙනි. සම්මත නැත. නීති නැත. ඇත්තේ නොකඩවා වෙනස් වෙන එකඟතා පමණි.

නමුත් අප දින කිහිපයක සිට දුටු පරිදි විකාර රූපී සිමා බන්ධන කිටි කිටියේ අපව වට කරමින් පවතී. මෙම බ්ලොග් අඩවියේ සටහන් පලවන එක් අඩවියක් විසින් දේශපාලනය පල කෙරෙන බ්ලොග් අඩවි ප්‍රධාන පිටුවෙන් ඉවත් කර වෙන් කර දැමීමට තීරණය කර ඇත. ඒ වෙනුවට ප්‍රධාන තැන හිමි වන්නේ තාක්ෂණික, පෞද්ගලික හා ආගමික ආදී වෙනත් විශයයන් ආශ්‍රිත අඩවි වෙතටයි. මෙය අප හට සංකේතීය වශයෙන් වැදගත් වන ක්‍රියාමාර්ගයකි.

අද කෙනෙකුගෙන් දේශපාලනය ගැන විමසුවහොත් ලැබෙන වඩාත් ප්‍රචලිතම පිළිතුර වන්නේ “අනේ අපි ඕවට නෑ” යන වදන් පෙලයි. ‍එසේ නම් පිළිගත් මතය වන්නේ අදේශපාලනික වීම සුදුසු බවයි. ‍දේශපාලකයින් යන පිලිකුල් සහගත රෑන ඕනෑ දෙයක් කර ගත්තාවේ. අපි අදේශපාලනික වී අපේ වැඩක් බලා ගනිමු. මෙය සෑම විටම ප්‍රචාරය කෙරෙන පණිවිඩයයි.

පසුගිය සති කිහිපය තුල අන්තර්ජාලය තුල සිදු වූ දේශපාලනීකරණය (තාවකාලික හා තේරුමක් නැති වුවත්) වෙත මෙවැනි පුද්ගලයින් යොමු කලේ පරම පවිත්‍ර විය යුතු බවට එල්ල කෙරෙන අවියයි.

“අනේ ඔයාලා මඩ ගහ ගන්න එපා. මේ සින්ඩියත් කැත වෙනවා. බලන්න ලස්සනට තියෙන සින්ඩිය”

දේශපාලකයින් දේශපාලනය යනුවෙන් කිසියම් වූ දෙයක් කරමින් මෙරට අගාධයට යවන බව සත්‍යයකි. එය වෙනස් කරන බව පවසන විකල්පය ලෙස පෙනී සිටින්නන්ද දේශපාලනය නැමැති මඩ ගොහොරුවේම දඟලන බවද සත්‍යයකි. නමුත් අදේශපාලනීකරණය මෙය හට පිළීතුර වන්නේ කවදා සිට ද?

ජරාවට පත් වෙමින් පවතින සිස්ටම් එක වඩාත් හොඳින් තේරුම් ගත හැකි වන්නේ අදේශපාලනික වීමෙන් ද? නොවෙනස් වන සමාජ විෂමතාවයනුත්, සමාජ ස්තර අතර ඇති නොනවතින ඝට්ඨනයත් තේරුම් ගන්නේ නැතිව සමාජයක් වෙනස් කිරීම කෙලෙස සිදු කල හැකි ද? දේශපාලකයින්ට බනිමින්, පවතින රජයන්ට බනිමින් අදේශපාලනික වීමේ තේරුම කුමක් ද?

මෙහි සත්‍යතාවය මෙයයි. මෙම ඊනියා පවිත්‍ර පුද්ගලයින්ට අවශ්‍ය දේශපාලනයක් නැත. ඔවුන්ට අවශ්‍ය සමාජ වෙනසක් නොමැත. එක්කෝ ඔවුන් සමාජය විනිවිද දැකීමට අපොහොසත්ව ඇත. නැතිනම් එසේ දැක දැකත් තමන් විඳින සැප නින්ද කඩා ගැනීමට ඔවුනට උවමනා නැත. ඔවුන්ගේ සැප නින්ද තුල ආගම දහම රැකීම තුලින් මෙලොව  සියල්ල එගොඩ කල හැකිය (නමුත් ඒ සඳහා පන්සලට පල්ලියට ආධාර නොමසුරුව කල යුතුය). වැරදි විවේචනය නොකල යුතුය. විවේචනය සිදු වන විට සිත් රිදු වීම් නොකල යුතුය (අනේ ඔයාගේ නිර්මාණය හලී ෂෝයී. මෙතන ඩිංගක් අවුල්. ඒත් ෂෝයි). දේශපාලනය නොකල යුතුය. ඒවා කරන්නේ නෝටි ලමයි විසිනි. ගූගල් සමාගමේ නව **පෑඩ් එක තරම් දෙයක් මෙලොව තුල නැත. යමෙකු එයින් එහා දෙයක් කතා කරයි නම් ඒ නෝටි වීම නිසාය. කේන්දර තරම් වටිනා දෙයක් තවත් නැත. එය අනෙකුත් දේවල් පරදවා (පුවත් පවා) මුල් පිටුවට පැමිණිය යුතුය. අවසන් වරට පැමිණෙන්නේ මහා විර ක්‍රියාවයි. දිවයිනේ හෝ දිනමිණේ කතුවැකි පිටපත් කර බ්ලොග් තුල දැමිය හැකි නම් එය තරම් සමාජ සත්කාරයක් තවත් නොමැත. නමුත් මේවා ලංකා හෝ රාවය පත්තරය සම්බන්ධයෙන් සිදු වේ නම් එය තනිකර බුද්ධිමය දේපල මොකද්ද එකට අයත් වරදකි.

මෙවැනි තත්වයක් තුල ඊට විරෝධයක් පෑමටවත් ඉදිරිපත් වන්නේ කිහිප දෙනෙක් පමණක් බව අපි දුටුවෙමු. තවත් කිහිප දෙනෙකු මෙම අඩවිය පාලනය කරන්නන්ට කොන්දේසි‍යකින් තොරව කඩේ යන බවද දුටුවෙමු. මෙය අතිශය ශෝචනීය තත්වයකි. අන්තර්ජාලය තුල මෙරට නියෝජනය කරන පිරිසක් කොඳු ඇට නාරටි නොමැති අදේශපාලනික වන්දිභට්ටයින් වී ඇත. ඔවුනට පරිගණකයක් ඉදිරිපිට රැඟුම් පෑමට ඇත්නම් ඊට වඩා දෙයක් අවශ්‍ය නැත.

දේශපාලනය, දේශපාලනීකරණය හා දේශපාලනික කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් අප මෙහිදී ඉදිරිපත් නොකරන්නෙමු. අදේශපාලනික ගන්ධබ්බයින්ට ඒවා ‍තේරුම් කර දීම අවශ්‍ය නොවේ. අන්තර්ජාලය වැඩ කරන්නේ නම්, ගූගල් මේල් වැඩ කරන්නේ නම්, Facebook වැඩ කරන්නේ නම් ඉන් එහාට අයිතීන් අවශ්‍ය නැත. පරිගණකයක් ඉදිරිපිට මවාගත් චරිතයකින් ඊමේල් යවමින්, Facebook ප්‍රෝෆයිලය ලස්සනට තබාගෙන හුරුබුහුටි ලැමිස්සියන් කිහිප දෙනෙකු යහළුවන් හැටියට තබා ගත හැකි නම් සිස්ටම් එක මාර ආතල්ය. හදිසියේ ගූගල් තහනම් වී ගියහොත් අන්න එදාට සිස්ටම් එක අබ්ලික් ය. එදාට අපි සමාජය වෙනස් කල යුතුය.

එක් අතකින් ඔබ වැන්නන් අදේශපාලනික වීම හොඳ දෙයකි. නැතිනම් ගූගල් තහනම ඉවත් වූ පසු නැවත ඔබ දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිවරණයක්ම අවශ්‍ය විය හැක.  දැනට නුඹලාට දේශපාලනය අවශ්‍ය නැත. සිස්ටම් එක කවදා හෝ පැමිණ වෘෂණ කෝෂ වලින් තද කර අල්ලා ගත් දිනයට පමණක් නැවත කියවා බැලීමට දේශපාලන කැටිගරියට යා හැකිය.

එක අතකින් මෙය මුළු මහත් ලාංකීය සමාජය පුරාම දැකිය හැකි ලක්ෂණයකි. තමන්ගේ ඇගේ නොවැදී යන කිසිම දෙයකින් තමන්ට හිංසා පීඩාවක් නැති බව සිතමින් ෆැන්ටසියක ජීවත් වන්නට මෙවැන්නන් වඩාත් ඇලුම් කරයි. දේශපාලනයට නොඇලී ඉන්නා තරමක් තමන් ට කිසිදු අන්තරාවක් නොවන බව මොවුන්ගේ තර්කනය අනුව සත්‍ය වේ. ‍සිංහල බ්ලොග්කරුවන් යැයි හඳුන්වාගන්නා මොවුන්ගේ මෙම ක්‍රියාව සංකේතීයව අප කියවන්නේ එලෙසිනි.

සිස්ටම් එක කැරකී තමාගේ ඔළුව උඩට මිටි පහර වදිනා තෙක් බලා සිටින්න. දේශපාලනය නැමැති වස්ත්‍රය ඉවත් කර අදේශපාලනිකව නිරුවත් ලෙස ජීවත් වන්න. ගුගල් සූප්පුව කටේ ගසාගෙන Facebook කවි පදයක් ගයමින් නින්දට යන්න. මිනිසා දේශපාලනික සත්වයෙක් නොවේ. මිනිසා සත්වයෙකි. දේශපාලනික යන්න අපට අදාල නැත. අපි හොඳ තොත්ත බබාලා වෙමු.

Advertisements

Written by ත්‍රස්තවාදියා

February 17, 2010 at 12:52 am

10 Responses

Subscribe to comments with RSS.

  1. ela ela

    sana

    February 17, 2010 at 1:27 am

  2. with great power comes great responsibility , eventhogh they created this syndicator , now its not belong to them,this is belong to everyone. so you should make wise dicisions. (but i also agree with their argument,even thogh BF and taboo blogs not in the home page people still visit that, so home page can use to promote new bloggers,in that sense they should remove all established blogs from home page, and that is fair )

    sana

    February 17, 2010 at 2:53 am

    • So what if the new and upcoming blogger writes only political matters?

      These people know that the so called reader has a crucial effect on the blog readership. That is why they act with such monopoly, removing blogs they don’t like from the front page.

      It is a well known fact that users usually don’t venture off from the home page, if they are not so much interested. They use this to remove the blogs from attention. They are interested only in technical matters, or politics that only copy newspaper editorials. For the excuse they always have the statement “we did not remove the blogs, it is under the political category”.

      Who are they to decide what blogs should the readers read? Who are they to decide the priority of the blogs? Who are they to decide which one is “good” politics and which one is “bad”?

      ත්‍රස්තවාදියා

      February 17, 2010 at 11:42 am

  3. සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. සින්ඩිකේටරයක් විදිහට කඔත්තුවට වර්තමානයෙ මම වඩාත් කැමති ඒ නිසයි. නිදහසේ ගලා ගෙන යාමට ඉඩ දෙන නිසා

    නිදහස් අදහස්

    February 17, 2010 at 8:45 am

  4. අපේ අය “අනේ පොලිටික්ස් මටනම් එපාම වෙලා මෙයා” කියන්නේ ගොඩක්ම ඉට්ටැයිල් 1ට. නැතුව පොලිටික්ස් ගැන දන්න කෙහෙල් මලක් ඇතුව නෙමේ. අඩුම ගානේ දෙන්න සුදුසුයි කියලා හිතෙන කෙනෙක් නැත්තම් තමන්ගේ ඡන්දේ කැන්සල් කරලා එන්නේවත් නැතුව ඒක පාවිච්චි නොකරන පොස් මිනිස්සු මම අනන්තවත් දැකලා තියෙනවා. ඒ වගේම ඡන්දේ දාන්නේ නැතුව පණ්ඩිතකමට ඉදලා තමන්ගේ පැත්තට නගර සභා මන්තිරියෙක්වවත් පත්කර නොගෙන පාරේ ලයිට් 1 නැති උනාම රටේ මහ ආණ්ඩුවට බනින උගත් මිනිස්සු සෑහෙන්න දැකලා තියෙනවා. තමන්ගේ මූලික අයිතියවත් හරියට පාවිච්චි නොකර රට හදන්න ලොකු ටෝක්ස් දෙන පුද්ගලයෝ අපේ සමාජයේ අනන්තයි. ගොඩක් වෙලාවාට මේ වගේ අය බලාගෙන ඉන්නේ මේ රට අත ඇරලා වෙන රටක PR හදාගෙන යන්න. එක අතකට එහෙම යන 1ත් හොදයි.

    හොද ඔලු තියෙන මිනිස්සු දේසපාලනේ නොකරන කොට ඒ වෙනුවට ගොම රිටි උඩ එන 1 නවතින්නේ නැතිවග අපේ රටේ ඉන්න උගත් කියන මෝඩ රැළ තේරුම් ගන්නේ කවදාද?

    අපිට සුබ අනාගතයක් උදාකරගන්න පුලුවන් අපිටමයි.

    rana

    February 17, 2010 at 9:56 am

  5. niyama post eka . .superb . ..

    දුකා

    February 17, 2010 at 11:47 am

  6. 100% agreed!

    CD Athuraliya

    February 17, 2010 at 12:54 pm

  7. උන්ට ඇත්තටම හිතනවා මොකා ආණ්ඩු කෙරුවත් උන්ගෙ බඩට වදින තරමට වෙනසක් කරන්න බෑ කියලා.උන්ගෙ චින්තනයට අනුව උසස් රැකියාවක් තියෙනවනම් හොඳ වැටුපක් ලැබෙනවනම් අනිකාට හෙන ගැහුවත් උන්ට කමක් නෑ. උන් ඉගෙනගත්තේ අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් බව උන්ට අමතකයි.

    abaa

    February 17, 2010 at 7:24 pm

  8. U R welcome.

    hashan

    February 17, 2010 at 10:13 pm

  9. පසුගිය සති කිහිපය තුළ SBU ඇඩ්මින්ලාට කොන්දේසි විරහිතව කඩේ ගිය, Lankan thoughts | ලාංකීය සිතුවිලි ලියන තේජාන් නැමැති උරුලෑවා දැන් මෙසේ කියයි.

    /මගේ බ්ලොග් එක දේශපාලන බ්ලොග් එකක් ලෙස හංවඩු ගැසූ SBU එකෙහි පරිපාලකයන් ගැන ඇති වී ඇති තවමත් පහකර ගන්නට නොහැකිව සිටින අප්පිරියාව හා කරකවා පොළොවේ ගැසුවාක් වැනි වූ හැඟීම මැදින් වෙනත් යමක් ලිවීමට සිතීමි. SBU යනු සංගමයක් ලෙස අප හැමෝගෙම සහභාගිත්වයෙන් දියුණු වන යමක් ලෙස හිතාගෙන හිටි මට ඒක එහෙම නොවන බවත් ඉන්න පරිපාලකයන්ගෙනුත් බ්ලොග් ලියන්නන්ගෙනුත් highlight වන්නේත් විය යුත්තේ IT profession ලා කිහිප දෙනෙක් විතරක් බවත් ගේ සියල්ල හැසිරවෙන්නේ ඒ වුවමනා එපා කම් වලට හැසිරවෙන යමක් බව තේරුම් ගන්නට සිදුවීම එක්තරා සරදමක් ලෙසත් මට දැනේ. /

    අපි කියන්නේ මෙච්චරයි.

    නුඹ නාඩං නුඹ නාඩං නුඹට ඕව හොඳ පාඩං.

    ඇත්ද කඩේ ගියාට උඹට හම්බ උනා?

    Beyond Frame

    February 19, 2010 at 8:33 pm


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: